කොහොමද යාලුවනේ මම අද ඔයාලට දෙන්න යන්නේ සුපරි ම සුපිරි tv series එකක්. එකක් ගැන කිය්වොත්ලෝකයේ හොඳම ප්රේක්ෂක ප්රතිචාරයක් දිනාගත්,
IMDB Ratings වල අංක 01 රූපවාහිනී
කතාමාලාව වන Planet Earth එනම් පෘථිවි ග්රහලොව කතාමාලාවයි. මේක වාර්තාමය කතාමාලාවක් වගේම ඉතා විශේෂ කතාමාලාවක්,
ඒකට හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි IMDB Ratings 9.5/10 ක් ලබාගෙන මෙය අංක එකේ රූපවාහිනී කතාමාලව වීම. ඒක එහෙම වෙන්න හේතු මොකක්ද ඔයාල හිතන්නේ
ප්රධානම හේතුවක් තමයි මෙම කතාමාලාවේ පෙන්වන පෘථිවියේ දර්ශන සහ සිදුවීම්වලින් 90% ක් ම වාගේ අපි පියවි ඇසින් දැකලාවත් නැති, පියවි ඇසින් කිසිදා දකින්න අපහසු දර්ශන හෝ සිදුවීම් වීමයි. මෙහි පළමු කොටස පටන්ගන්නකොටම ඒ බව කියනවා. ඇත්තෙන්ම මෙහි පෙන්වන පෘථිවියේ ඉතා අලංකාර දර්ශන සහ සිදුවීම් කැමරා ඇසට හසුකරගත්තේ කොහොමද කියලා අපිට හිතාගන්නවත් බෑ, සමහර තැන්වලදි හිතෙනවා, මේක නම් බොරුවක්... එක්කෝ චිත්රාගාර තුළ රූගත කරලා, නැත්නම් ත්රිමාණ සජීවීකරණවලින් හදලා තියෙන්නේ කියලා... ඒ තරම් ඇතැම් දේවල් විශ්වාස කරන්න අමාරුයි... ඒත් ඇත්තටම ඒවා රූගත කරපු ඒවා.
මේ රූපවාහිනී කතාමාලාව ප්රධාන වශයෙන් විකාශය වුණේ 2006 වසරේ මාර්තු මාසයේදි මහා බ්රිතාන්යයේ BBC නාලිකාවේ සහ 2007 දි ඇමරිකාවේ Discovery Channel තුලිනුයි. පසුව රටවල් 130ක මේ වැඩසටහන විකාශය කර තිබෙනවා. මෙහි ප්රධාන විධායක අධ්යක්ෂකවරයා වන්නේ Alastair Fothergill. එසේම BBC නාලිකාවේදි මෙම වැඩසටහන ඉදිරිපත් කළේ David Attenborough විසින්. මින් ඉදිරියට මේ කතාවලදි අපට මොහුගේ කඩහඬ තමයි අහන්නට ලැබෙන්නේ. 2007 වසරේදි සම්මාන විශාල ප්රමාණයකට හිමිකම් කියූ මේ කතාමාලාවට අදාලව ලැබුණු සම්මාන සහ අනෙකුත් සියලු විස්තර බලාගන්න මෙතැනට -http://en.wikipedia.org/wiki/Planet_Earth_%28TV_series%29 යන්න...
ඉතින් කතාව ගැන විස්තරයක් කියනවා නම් මේ කතාමාලාවේ කොටස් 11ක් තියෙනවා. පළමු කොටස වන From Pole to Pole කොටසින් මේ කතාවට පූර්වාරම්භයක් ගන්නවා වගේම පෘථිවියේ උත්තරධ්රැවයේ සිට දක්ෂිණධ්රැවය දක්වා පරිසරයේ සිදුවන වෙනස්කම් පියවරෙන් පියවර ඉතා අලංකාර දර්ශන පෙන්වමින් පැහැදිලි කර දෙනවා. දෙවෙනි කොටස වන Mountains කතාවෙන් පෘථිවියේ ඇති කඳුවැටි සහ ඒ ආශ්රිත පරිසරවල විශ්මිත දසුන් පෙන්වනවා. ඉතිරි කොටස් පිළිවෙලින් තියෙන්නේ මෙහෙමයි. Fresh Water - පෘථිවියේ ඇති තෙත්බිම් සහ මිරිදිය පරිසර, Caves - පෘථිවියේ ගුහාවන්, Deserts - පෘථිවියේ කාන්තාර, Ice Worlds - පෘථිවියේ හිම පෙදෙස්, Great Plains - පෘථිවියේ තැනිතලා, Jungles - පෘථිවියේ වනාන්තර, Shallow Seas - පෘථිවියේ මුහුදු අසිරිය, Seasonal Forests - ඍතු අනුව වෙනස්වන පෘථිවියේ වනාන්තර, Ocean Deep - විශ්මිත මුහුදු පතුල.
හැම කොටසක්ම මිනිත්තු 50ක කාලයක් ධාවනය වෙනවා, මේ මිනිත්තු 50 කාලය තුළ මේ එක් එක් කොටසේ එක මොහොතකවත් අපිට හුරුපුරුදු අපි නිතර දකින දර්ශන හා සිදුවීම් නෑ... හැම විනාඩියකම තියෙන්නේ ඒ එක් එක් කොටසට අදාලව ඉතාම දුර්ලභ අලංකාර රසවත් දර්ශන හා සිදුවීම් තමයි.
නැවතත් කියනවා මෙවැනි දර්ශන අපිට කවදාවත් සියැසින් නම් දැකබලාගන්න හැකිවෙන්නේම නැති තරම්... ඒ නිසා මේ කතාමාලාවේ කොටස් 11ම එකතු කරගෙන බලන්න, අපි ජීවත් වෙන අපේ ලෝකයේ මෙවැනි ඉතා අලංකාර දර්ශන අපි නොදැක මොකටද නේද :).පහතින් දීල තියන download link වලින්
episode ටික download කර ගන්න .
episode 01
![]() |
click here |
episode 02
![]() |
click here |
episode 03
![]() |
click here |
episode 04
![]() |
click here |
episode 05
![]() |
click here |
episode 06
![]() |
click here |
episode 07
![]() |
click here |
episode 08
![]() |
click here |
episode 09
![]() |
click here |
episode 10
![]() |
click here |
episode 11
![]() |
click here |
මගේ පොස්ට් එක හොද ,වැදගත් කියල හිතෙනවා නම් යාලුවෝ අතර share කරන්න.මගේ බ්ලොග් එක සමග නිරතුරුව ඉදල මට සහයෝගය ලබා දෙන්න අද මම යන්නම් එත් ඉකමනට' වැදගත් ලිපියකින් හමුවෙමු. ඔබට සදා ජය!!!!!!!!!!!!!!!!!!!!!!
0 comments:
Post a Comment